රටක මහජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිම සෑම රටකම ප්‍රමුඛතම ඉලක්කයක් මෙන්ම අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකාව ද උත්සහ කරන්නේ ආර්ථීකමය , සමාජීය හා සංස්කෘතික වශයෙන් දියුණු සංවර්ධිත මට්ටමක් කරා ගමන් කර මහජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමයි. මේ ක්‍රියාවලියේ දී ප්‍රාදේශීය මටිටමෙන් හා පළාත් මටිටම්න් පවතින අසමතා අවම කිරීමටත් ජාතික ආර්ථීක සංවර්ධනයට දායකත්වය ලබාදීමටත් රටේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය වැඩි දුරට ශක්තිමත් කිරීමටත් ප්රශස්ත සේවාවක් මෙරට ක්‍රියාත්මක පළාත් සභා හා පළාත් පාලන පද්ධතියෙන් ඉෂ්ට වී තිබේ.